Home උණුසුම් පුවත් ජනපති ලේකම්ගේ සැපරිය යතුරුපැදියක ගැටෙයි

ජනපති ලේකම්ගේ සැපරිය යතුරුපැදියක ගැටෙයි

ජනාධිපති ලේකම්වරයාට අයත් සුඛෝපභෝගී මෝටර් රථය ලංගම අකුරේ ගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානය ඉදිරිපිට දී යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් යතුරු පැදියේ පැදිකරු,ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා රෝහල්ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මෙසේ රෝහල්ගත කොට ඇත්තේ තලංගම දකුණ බටපොත පදිංචි එකම පවුලේ මව පියා හා වයස අවුරුදු දෙක සහ හය වියෙහි පසු වන දරු දෙදෙනායි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරා ජනාධිපති ලේකම්වරයාට අයත් මෝටර් රථය පැලවත්ත අකුරේගොඩ මාර්ගයේ පදවාගෙන යමින් සිටියදී ත්‍රිවිධ හමුදා මූලස්ථානය ඉදිරිපිට දී යතුරුපැදියේ ගැටී අනතුරට ලක්ව ඇති බවයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version