Home උණුසුම් පුවත් රජයේ දෙපාර්තමේන්තු ලොක්කෙක් ධුරයෙන් නෙරපයි

රජයේ දෙපාර්තමේන්තු ලොක්කෙක් ධුරයෙන් නෙරපයි

රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනාව මත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායකට එරෙහිව චෝදනා එල්ල කර තිබුණා.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ අදාළ චෝදනා පත්‍රය පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා පත් කර ඇති බව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version