Home උණුසුම් පුවත් ගුරුවරියගේ අවවාදය නිසා සිසුවිය දිවිනසා ගනී

ගුරුවරියගේ අවවාදය නිසා සිසුවිය දිවිනසා ගනී

හෝමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 15 හැවිරිදි සිසුවියක් ගුරුවරියක් අවවාද කළැයි සිත් තැවුලට පත්ව සියදිවි හානි කර ගත් පුවතක් වාර්තා වනවා.
වාර විභාගවලදී අඩු ලකුණු ලැබීම හේතුවෙන් පන්තිභාර ගුරුවරියකගේ අවවාද සහ පාසලේදී දඬුවම් ලැබීම මෙම සිදුවීමට හේතු වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලට අනුව හෙළිවී තිබෙනවා.

අදාල සිසුවිය විෂයානුබද්ධ පරීක්ෂණවලදී අඩු ලකුණු ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් ඇයට පන්තිභාර ගුරුවරිය විසින් අවවාද කර තිබෙන අතර ඇය පාසලට නොපැමිණීම හේතුවෙන් වෛද්‍ය වාර්තාවක් ගෙන එන ලෙසද දැනුම් දී තිබුණත් එම වාර්තාව ඉදිරිපත් කිරීමට ඇයට නොහැකිවීම නිසා පන්තිභාර ගුරුවරිය විසින් ඇයව විනය භාර හිමි නම වෙත යොමු කර තිබෙන බව සඳහන් වනවා.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එහිදී සිසුවියට යම් දඬුවමක් ලබා දී ඇති බවයි. මේ හේතුවෙන් ඇය මානසික ආතතියට පත්ව ඇති බව සඳහන්.
මෙම සිදුවීම්වලින් සිත්තැවුලට පත් සිසුවිය නිවසට පැමිණ ඖෂධ පෙති කිහිපයක් පානය කර ඇති බවත් පසුව ඇය මේ බව සිය සොහොයුරියට පැවසීමෙන් පසු නිවැසියන් වහාම ඇයව බේරහැර යුද හමුදා රෝහලට ඇතුලත් කර ඇති බවත් පොලිසිය සඳහන් කර සිටිනවා.

රෝහල් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙම සිසුවිය මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක යි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version