Home උණුසුම් පුවත් තවත් වෙඩි තැබීමක් – පහක් මරුට

තවත් වෙඩි තැබීමක් – පහක් මරුට

ඊයේ (28) සවස අමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි බහුමහල් ගොඩනැගිල්ලකට කඩාවැදුන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙක් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


ලාස් වේගාස් හි සිට පැමිණි 27 හැවිරිදි ෂේන් ටමුරා නැමැති පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව හඳුනාගෙන ඇති බව සඳහන්.

සැකකරු විසින් ඔහුටම වෙඩි තබා ගනිමින් සියදිවි නසාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මියගිය පිරිස අතර පොලිස් නිලධාරියෙක්, සිවිල් වැසියන් සහ සැකකරු ද සිටින බව සඳහන් වනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version