
හිටපු ඇමති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර ඇති තවත් නඩුවක් විභාග කිරීම සඳහා දින ලබා දී තිබෙනවා.
නීති විරෝධී ලෙස වත්කම් උපයාගැනීමක් සම්බන්ධයෙනුයි මෙම නඩුව ගොනු කොට තිබෙන්නේ.
2010 සිට 2012 දක්වා කාලය තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ, මර්වින් සිල්වා විසින් සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 150කට ආසන්න ධනයක් නීතිවිරෝධී ලෙස උපයා ගනිමින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවන ලද අවස්ථාවේ, නඩුව සම්පූර්ණ විභාගයක් සඳහා යොමුකරන ලෙස දෙපාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියා.
ඒ අනුව, මෙම නඩුව සැප්තැම්බර් 24 වැනි දින පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s