
ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි අයෙක් වන අතර, ඔහු සමඟ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත්, සිද්ධියට තවත් පුද්ගලයින් සම්බන්ධ වී ඇත්නම් ඔවුන්ද කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
පසුගිය 16 වනදා අලුයම 4.40ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබුණා.
කෙසේ වෙතත් ඒ වන විට අදාළ මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂව ද යොදවා තිබූ බව සඳහන්.
වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර කිසිවකුටත් තුවාල සිදුව තිබුණේ නැහැ.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s