Home උණුසුම් පුවත් ප්‍රාදේශීය සභාවක විපක්ෂනායකවරයෙක්  අභිරහස් ලෙස මැරිලා..

ප්‍රාදේශීය සභාවක විපක්ෂනායකවරයෙක්  අභිරහස් ලෙස මැරිලා..

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා, බිරිඳ සහ දරුවා සිය නිවස තුළ මියගොස් ඇති බව වාර්තාවනවා.


අදාළ මළසිරුරු යටිනුවර, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි විපක්ෂනායකවරයාගේ නිවස තුළ තිබී සොයාගත් බව සඳහන්.

සියදිවි හානිකරගත් යටිනුවර ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයාගේ වයස අවුරුදු 52ක් වන අතර බිරිඳ 44 හැවිරිදි වියේ පසුවනවා.

එමෙන්ම වැඩිමහල් දියණිය 17 හැවිරිදි වියේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති අතර බිරිඳ සහ දියණියගේ සිරුරු නිවසේ කාමර තුළ තිබී හමුවී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version