Home උණුසුම් පුවත් අම්මා සහ දරු දෙදෙනාගේ සිරුරු ළිඳේ පාවෙයි! දිවිනසාගැනීමක්ද? මිනීමැරුමක්ද?

අම්මා සහ දරු දෙදෙනාගේ සිරුරු ළිඳේ පාවෙයි! දිවිනසාගැනීමක්ද? මිනීමැරුමක්ද?

මුලතිව්, මාන්කුලම්, පනික්කන්කුලම් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී අද (24) දහවල් මවකගේ සහ ඇගේ දියණියන් දෙදෙනකුගේ මළ සිරුරු සොයාගත් බව මාන්කුලම් පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, පනික්කන් කුලම් ප්‍රදේශයේ පදිංචි අදාළ මව සහ දියණියන් දෙදෙනා ජීවත් වූ නිවසේ සිට මීටර් 500ක් පමණ දුරින් වෙනත් ගෙවත්තක ළිඳක තිබී එම මළ සිරුරු සොයාගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි ඌෂාකරන් මාලනී සහ ඇගේ දියණියන් වන 11 හැවිරිදි ඌෂාකරන් මික්ෂා සහ 4 හැවිරිදි ඌෂාකරන් සතුෂා යන අයයි.

ළිඳේ තිබුණු අදාළ මළ සිරුරු පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරිවරයා පොලිසියට දැනුම් දී තිබෙනවා.

එහිදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව මාන්කුලම් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත මළ සිරුරු ළිඳෙන් ගොඩගෙන මාන්කුලම් රෝහල වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම මරණ සියදිවි හානිකර ගැනීමක්ද නැතහොත් මිනීමැරුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය පිළිබඳව මාන්කුලම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version