Home උණුසුම් පුවත් වැලිකඩ හිටපු ඇමති වාට්ටුවෙන් මොබයිල් ෆෝන් හයක් මතු වෙයි

වැලිකඩ හිටපු ඇමති වාට්ටුවෙන් මොබයිල් ෆෝන් හයක් මතු වෙයි

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ වාට්ටුවකින් ජංගම දුරකථන හයක් සොයාගෙන ඇතැයි වාර්තා වනවා.

මෙම වාට්ටුව වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු, එස්. එම්. රංජිත් සහ දුමින්ද සිල්වා ඇතුළු හිටපු ඇමතිවරුන් පිරිසක් රඳවා සිටින ඛ් වාට්ටුවයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙසේ ජංගම දුරකථන හසුව ඇති බවයි පැවසෙන්නේ.

ඉහත සඳහන් වූ හිටපු ඇමතිවරුන්ට අමතරව මෙම වාට්ටුවේ විදේශිකයන් කිහිපදෙනකුද රඳවා සිටින බවට බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කොට තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version