Home උණුසුම් පුවත් මාරවිල “සුද්දි”ට ෂොට් එක දුන්නේ ඩුබායි පාතාලෙන්? ඝාතනයේ රහස් හෙළිවෙයි

මාරවිල “සුද්දි”ට ෂොට් එක දුන්නේ ඩුබායි පාතාලෙන්? ඝාතනයේ රහස් හෙළිවෙයි

ඉකුත් දා නාත්තන්ඩිය, වික්‍රමසිංහ මාවතේදී වෙඩි තබා ඝාතනය කෙරුණු කාන්තාවගේ සිද්ධිය සම්බන්ධයෙන් නවතම තොරතුරක් අනාවරණය වී තිබෙනවා.

ඒ, මෙම ඝාතන කොන්ත්‍රාත්තුව මෙහෙයවා ඇත්තේ ඩුබායි දේශයේ සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් වන බවට පුවතයි.

එම ජාවාරම්කරු සහ මියගිය කාන්තාව අතර දුරකථනයෙන් ඇතිවූ බහින්බස්වීමක් මෙම ඝාතනයට මුල්වන්නට ඇතැයි පොලිසිය පවසනවා.

මාරවිල, ඉද්දමල්ගොඩ පදිංචිව සිටි එදිරිසිංහ ආරච්චිලාගේ වසන්ති චතුරානි හෙවත් “සුද්දි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ මෙම තිස් හැවිරිදි කාන්තාව තිදරු මවක්.

ඇය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන අතර ඇගේ මව සහ පවුලේ අය සම්බන්ධයෙන්ද මෙවැනිම චෝදනා පවතින බවට මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා.

ඇය සිය දස හැවිරිදි නිවුන් පුතු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග, මත්ද්‍රව්‍ය සම්බන්ධ ගනුදෙනුවක් සඳහා ත්‍රීරෝද රථයකින් පැමිණි අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවටයි පැවසෙන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇගේ දස හැවිරිදි පුත්‍රයා තවමත් මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඝාතනයට ලක්වූ කාන්තාව පරිහරණය කළ ජංගම දුරකතනය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එහි ඇමතුම් විස්තර විශ්ලේෂණය කරමින් දුරකථන දත්ත හරහා සැකකරුවන් හඳුනාගෙන නීතිය හමුවට ගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version