Home උණුසුම් පුවත් ආයුධ තොගයක් වැව් බැම්මක තිබී හමුවෙයි

ආයුධ තොගයක් වැව් බැම්මක තිබී හමුවෙයි

ඊයේ (23) ගලෙන්බිඳුණුවැව, කුරුළු වැව දේවාලය අසල වැව් බැම්මේ තිබී ආයුධ තොගයක් සොයා ගත් බව ගලෙන්බිඳුනු වැව පොලිසිය පවසා සිටිනවා.

එම ස්ථානයේ තිබී ටී-56 උණ්ඩ 10 ක්, එල්.එම්.ජී ජීව උන්ඩ 18ක්, ටී-56 මැගසීනයක්, බෝම්බ ප්ලේට් එකක්, උන්ඩ පෙට්ටි යතුරක්ද පොලිසිය සොයාගෙන තිබෙන බව සඳහන්.

මෙම ආයුධ තොගය එම ස්ථානයට කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනවිත් තබන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

එම ආයුධ තොගය එම ස්ථානයට ගෙනවිත් දැමූ පුද්ගලයන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version