Home උණුසුම් පුවත් තවත් වෙඩිල්ලක්! පුතු රෝහලේ – මව මෝචරියට

තවත් වෙඩිල්ලක්! පුතු රෝහලේ – මව මෝචරියට

ඊයේ රාත්‍රියේ මාරවිල මැද නාත්තන්ඩිය ප්‍රදේශයෙන් වෙඩිතැබීමක් වාර්තා වුණා.

මෙම වෙඩිතැබීම සිදුවුණේ 30 හැවිරිදි කාන්තාවක් ඉලක්ක කර ගනිමින්.

ඇය මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි නාදුන්නද තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකොට තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව කාන්තාව මියගිය අතර, දස හැවිරිදි දරුවෙකුද මෙම වෙඩිතැබීමෙන් තුවාද ලැබූ බව වාර්තා වුණා.

මෙසේ තුවාල ලැබුවේ මියගිය කාන්තාවගේ දරුවා බවයි පැවසෙන්නේ.

මෙම කාන්තාව ත්‍රීරෝද රථයකින් නිවස කරා පැමිණෙමින් සිටින අතරතුරදී, ඇගේ නිවස ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇබි බව සඳහන්.

වෙඩික්කරුවන් විසින් රිවෝල්වර් වර්ගයේ අවියක් හෝ පිස්තෝලයක් මෙම වෙඩිතැබීම සඳහා යොදාගන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version