Home උණුසුම් පුවත් කිරිබත්ගොඩ දී අයිස් එක්ක ඇල්ලූ ත්‍රීරෝද රියෙන් ටී පනස් හයක් මතු වෙයි...

කිරිබත්ගොඩ දී අයිස් එක්ක ඇල්ලූ ත්‍රීරෝද රියෙන් ටී පනස් හයක් මතු වෙයි – සැකකරු LTTEයේ ඉඳලා

ඊයේ (21) සවස පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ටී 56 ගිනිඅවියක් සමග පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේ දී කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහු සන්තකයේ තිබී ටී 56 ගිනිඅවියක්, එම පතරොම් 30ක් සහිත පතරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 560ක් ද සොයා ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදීයි අදාළ සැකකරු එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

සැකකරු අවුරුදු 30ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු යම් අපරාධයක් සිදුකිරීමට මෙලෙස ගිනිඅවියක් සමඟ පැමිණ ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

අදාළ පුද්ගලයා එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන අතර, ඔහුව පසුව හමුදාව විසින් පුනරුත්ථාපනය කර ඇති බවද තවත් මාධ්‍යයක් විසින් වාර්තා කොට තිබුණා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කිරිබත්ගොඩ පොලිසිය විසින් සිදුකරනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version