Home උණුසුම් පුවත් දේශබන්දු හාන්සියි -පරීක්ෂණ කමිටුවෙන් දුන් තීන්දුව

දේශබන්දු හාන්සියි -පරීක්ෂණ කමිටුවෙන් දුන් තීන්දුව

සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුව, තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (ජූලි 22,) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා.

කථානායකවරයා ප්‍රකාශ කළේ, අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර, එමඟින් දේශබන්දු තෙන්නකෝන් ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බවය.

මෙම කමිටු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වා යෝජනාවක් සම්මත කර ගන්නා දිනය පසුව දැනුම් දෙන බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

දේශබන්දු තෙන්නකෝන් සිදුකර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කලා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version