Home උණුසුම් පුවත් පළාත් සභා ඡන්දය අතුරුදහන් කරයි? අවුරුදු හතරකට ඡන්ද නෑ!

පළාත් සභා ඡන්දය අතුරුදහන් කරයි? අවුරුදු හතරකට ඡන්ද නෑ!

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය නොපැවැත්වෙන බවට ඉඟියක් පළ වී තිබෙනවා.

මෙම ඉඟිය පළවන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් කරන ලද ප්‍රකාශයක් හරහායි.

ඉදිරි වසර 3-4ක කාලය තුළ මෙරට කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන ඇති බවද,රටේ ලියාපදිංචි ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කරමින්, ඡන්දය භාවිත නොකරන අයට දඩයක් නියම කිරීමට සැලසුම් කර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී මැතිවරණ කොමිෂන් සභාවේ 2026 – 2029 කාලය සඳහා වන උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ශ්ව කණ්ඩායම් සමඟ පැවති සාකච්ඡාවකදී.

මෙරට සෑම මැතිවරණයකටම විශාල මුදලක් වැයවීම සැලකිල්ලට ගෙන, මැතිවරණයක උපරිම ප්‍රතිඵලයක් ලබාගැනීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙනවා.

එමෙන්ම, ඉදිරියේදී මැතිවරණ සඳහා තැන්පත් කරන ඇප මුදල්ද ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කලා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version