Home උණුසුම් පුවත් පෙම්වතා රැකගන්න ඇළට පැන්න තරුණිය දිය රකුසාට බිළි!

පෙම්වතා රැකගන්න ඇළට පැන්න තරුණිය දිය රකුසාට බිළි!

මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ගිලී තරුණියක් අතුරුදන්ව තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ ඊයේ සවස 5.00ට පමණ.

දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ අවුරුදු 26ක් වූ රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවියක්.

හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ඇය පෙම්වතා සමග නිවෙස බලා යන අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අදාළ යුවල ගමනේ අතරමග මද විවේකයක් සඳහා මෙම අනතුර සිදු වූ ස්ථානයේ ඔවුන් පැමිණි මෝටර් රථය නවත්වා ඇති බවයි පැවසෙන්නේ.

ඉන්පසු ඔවුන් ඇළ කණ්ඩිය මත සිට සිරි නරඹමින් සිටින අතර පෙම්වතා ඇළ කණ්ඩියේ දියසෙවළ සහිත ස්ථානයකින් ලිස්සා වතුරට වැටී තිබෙනවා.

වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට අත දිගු කළ තරුණියද ජල පහරට ඇදී ගොස් ඇති බව සඳහන්.

ඒ මොහොතේ එම ස්ථානයෙන් ඇවිද ගිය මහියංණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති නමුත්, තරුණිය සොයා ගැනීමට ඔවුන්ට හැකිවී නැහැ.

දියේ ගිලී ගිය තරුණියගේ සිරුර සොයා ආපදා කණ්ඩායම් සෙවීම කටයුතු අරඹා ඇති බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version