
ආර්ථික අර්බුද හමුවේ මෙරට උපත් අනුපාතය පහත වැටී ඇති බවට වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් අනාවරණය කර තිබෙන ආකාරයට, මෙරට අවුරුදු පහට අඩු දරුවන් එක්ලක්‍ෂ විසිපන්දහසක් පමණ වයසට සරිලන බර නොදරන බවද පැවසෙයි.
එම සංවිධානය මගින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් උපුටා දක්වමින් මෙම කරුණු අනාවරණය කොට සිටින්නේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාය.
ඔහු පවසන ආකාරයට 2016 වර්ෂය වනවිට මෙරට ජනගහණයෙන් දහසකට උපත් ප්‍රමාණය 16.9ක් ලෙස සඳහන් වුවත්, 2022-2023 අතර කාල සීමාව වනවිට එම අගය 13.8ක් දක්වා පහත වැටී තිබේ.
එසේම, පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශ නිල වෙබ් අඩවිය උපුටා දක්වමින් වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන්නේ, 2025 මාර්තු මාසය වනවිට ශ්‍රී ලංකාව තුළ සිටින වයස අවුරුදු පහට අඩු දරුවන් අතුරින් 125,622ක් වයසට සාපේක්‍ෂ බර නොදරන බවයි.
එපමණක් නොව, නිරක්තියෙන් පෙළෙන ගර්භණී මව්වරුන්ගේ ප්‍රමාණය ද 4.1%ක සීමාවේ පවතින බව වෛදවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
එසේම, මෙරට තරුණ ප්‍රජාවගෙන් වැඩි පිරිසක් විවාහ වීමට කැමැත්තෙන් පසුවුවත්, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔවුන් එම තීරණය කල් දමමින් සිටින බවට එක්සත් ජාතීන්ගේ වාර්තාව වැඩිදුරටත් හෙළි කොට ඇතැයි වෛද්‍ය චමල් සංජීව අනාවරණය කරයි.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s