Home උණුසුම් පුවත් මහ රෑ සීදූව රත්වෙයි – මාලිමා මන්ත්‍රීවරියගේ පියාට වෙඩි!

මහ රෑ සීදූව රත්වෙයි – මාලිමා මන්ත්‍රීවරියගේ පියාට වෙඩි!

යළිත් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

මීට හෝරාවකට පමණ පෙර මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ සීදූව ප්‍රදේශයෙන්.

ජාතික ජන බලවේගය නියෝජනය කරන සීදූව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියකගේ පියා ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබෙනවා.

55 හැවිරිදි විශ්‍රාමික හමුදා සොල්දාදුවෙකු වන වෙඩි පහරට ලක්වූ පුද්ගලයා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ සීදූව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version