Home උණුසුම් පුවත් වියානා ඇළේ සැඟවුණු පෙම්වතිය දියබානා වැවෙන් හමුවෙයි!

වියානා ඇළේ සැඟවුණු පෙම්වතිය දියබානා වැවෙන් හමුවෙයි!

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළේ ගිලී මියගිය සරසවි සිසුවියගේ සිරුර අද පස්වරුවේ සොයාගනු ලැබුවා.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකට පසු, දියබානාවැව ප්‍රදේශයෙන් ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සොයාගත් බවයි වාර්තා වුණේ.

මෙසේ අවාසනාවන්ත අයුරින් මියගියේ රජරට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 26 හැවිරිදි සිසුවියක්.

ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක බවද වාර්තා වනවා.

මීට පෙර ද අවස්ථා ගණනාවකදී මෙම ඇළ මාර්ගය ආශ්‍රිතව ජීවිත හානි වාර්තා වී ඇති අතර, පොලිසිය කියා සිටින්නේ වසරකට මිනිස් ජීවිත 10ත් 12ත් අතර ප්‍රමාණයක් මෙම ඇළට බිළි වන බවයි.

ආසන්න දිනෙකදීද මෙම ඇළට මෝටර් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරක් පිළිබඳව වාර්තා වුණා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version