Home උණුසුම් පුවත් යවයි මාව! ඇරලා බලමු! ඇමතිගේ කතාවට ඩඩ්ලිගේ උත්තරය?

යවයි මාව! ඇරලා බලමු! ඇමතිගේ කතාවට ඩඩ්ලිගේ උත්තරය?

වැව් ආශ්‍රිත රක්ෂිතයන්හි සිදු කොට ඇති නීතිවිරෝධී ඉදිකිරීම් ඉවත්කර වැව් සුරක්ෂිත කිරීමේ රජයේ වැඩසටහන යටතේ මේ වසරේ තෝරාගත් වැව් අතරට පරාක්‍රම සමුද්‍රය ඇතුළත් වී නොමැති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවති වැඩසටහනකදී අමාත්‍ය ලාල් කාන්තද ප්‍රකාශයක් සිදු කළා.

ඔහු පවසා සිටියේ මෙම වැඩසටහන දියත් වන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් ක්‍රමවේදයක් හරහා බවයි.

එමෙන්ම, මෙම වසර තුළ මේ වැඩසටහන සඳහා වෙන්වී ඇත්තේ රුපියල් මිලියන 100ක මුදලක් බවත් අමාත්‍යවරයා පවසනවා.

“වැව් තාවුළුවල හෝටල් කරගෙන ඉන්න අය ඉන්නවා නම්, මොනවා කරගෙන හරි ඉන්න අය ඉන්නවා නම් අයින් කරන්න කලින් යන්න. අයින් කරනවාමයි. ඒ ඩඩ්ලි සිරිසේනද අදාල නෑ. අපිට එකෙක්වත් ලොකු නෑ”

ඇමතිවරයා විසින් සැර ප්‍රකාශයක්ද සිදු කළා.

වැව් ආශ්‍රිත රක්ෂිතයන්ගේ ඉදිකර තිබෙන දේශපාලකයින් ඇතුළු බලවත් පුද්ගලයින්ගේ ගොඩනැගිලි සම්බන්ධයෙන් පුවත පසුගිය දිනවල රට තුල ඉමහත් කතාබහකට ලක්වුණා.

හිටපු ජනපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන හිමිකාරීත්වය දරන පොළොන්නරුවේ සුදු අරලිය හෝටලය පිළිබඳ කතාබහ සමාජ මාධ්‍ය තුළ ඇතිවන්නේ මෙම පුවත හරහායි.

කෙසේ වෙතත්, සුදු අරලිය හෝටලයේ ඉදිකිරීම් පරාක්‍රම සමුද්‍රයේ රක්ෂිත බිම් තුළ සිදුව ඇත්ද, නැතිද යන කාරණය කිසිදු පාර්ශ්වයක් විසින් මේ දක්වාත් නීතිමය වශයෙන් තහවුරු කොට නැහැ.

මේ අතර, වැව් සුරක්ෂිත කිරීමේ රජයේ වැඩසටහනට පරාක්‍රම සමුද්‍රය එක් කොට නැත්තේ එසේ කළහොත් ඩඩ්ලි සිරිසේනගේ හෝටලයට අත තැබීමට සිදුවන නිසා බවට ඇතැම් පිරිස් චෝදනා නගමින් සිටිනවා.

ඊයේ පැවති වැඩසටහනේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලාල්කාන්ත අමාත්‍යවරයා කියා සිටියේ එසේ සිදුව ඇත්තේ ඩඩ්ලිට ඇති බියක් නිසා නොව, මූල්‍ය ප්‍රතිපාදන සීමා සහිත වීම නිසා බවයි.

මේ අතර, මෙම කාරණය අද ප්‍රධාන මාධ්‍යයක් හරහා විකාශය වූ දිනපතා පුවත් සිරස්තල වැඩසටහනකදී ද සාකච්ඡාවට ගැනුණා.

එම වැඩසටනහ ඉදිරිපත් කළ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මේ සම්බන්ධයෙන් උපහාසාත්මක අයුරින් අදහස් දැක්වූයේ මේ අයුරින්.

“මහින්දව එලවනවා කියලත් ඔයාලා මේ වගේම සද්දේ දැම්මා. හැබැයි මහින්ද පැයෙන් පැයට කාමර හතෙන් හතට මාරු වෙවී තාමත් චූන් එකේ ඉන්නවා.

මහින්ද කියනවා ඇති, කෝ මාව යැව්වද ඔයගොල්ලෝ!

ඒ වගේ ඩඩ්ලි කියනවා ඇති, යවයි මාව. ඇරලා බලමු.

හරියට කියන්න ලාල්, අයින් කරන්නේ ඩඩ්ලිගේ හෝටලේද? නැත්නම් පරාක්‍රම සමුද්‍රයද?”

පෙර පුවත පහතින් නරඹන්න

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version