Home උණුසුම් පුවත් තම ලෙයින් උපන් දියණිය ගණිකා සේවයේ යෙදවූ මවක් අල්ලයි

තම ලෙයින් උපන් දියණිය ගණිකා සේවයේ යෙදවූ මවක් අල්ලයි

වයස අවුරුදු 12යි මාස 08ක් වූ තමන්ගේම දියණිය ගණිකා සේවයේ යෙදවූ මවක් පිළිබඳ පුවතක් වාර්තා වනවා.

මෙම පුවත වාර්තා වන්නේ බදුරලිය ප්‍රදේශයෙන්.

බදුරලිය, මෝල්කාව ප්‍රදේශය ආශ්‍රිත ගමක පදිංචි මෙම කාන්තාව විසින් තම දියණිය පුද්ගලයින් කිහිපදෙනෙකුටම විකුණා මුදල් ලබාගෙන ඇති බව පැවසෙනවා.

කඩවත ප්‍රදේශයේ ළමා මධ්‍යස්ථානයක රඳවා සිටින අපයෝජිත දැරිය හරහා ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය ලබා ගන්නා ලද තොරතුරු මත මෙම අපරාධය පිළිබඳව අනාවරණය වූ තිබෙනවා.

දැරියගෙන් ලබාගන්නා ලද වීඩියෝ සාක්ෂි මත පදනම්ව බදුරලිය පොලිසිය විසින් සැකකාර මව අත් අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වනවා.

තම මව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝ තමා පරිවාස භාරයට පත් වීමට ඉඩ ඇති නිසා දැරිය මෙම රහස සඟවාගෙන සිට ඇති බවද විමර්ශන වලදී හෙළිව තිබෙනවා.

බදුරලිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කොට සිටිනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version