
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් වෙත නිකුත් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන් අන්තර්ගත වීම හේතුවෙන් බරපතල ආල්දෝලනයක් මතුව තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන්.
වාර්තා වන ආකාරයට අනුරාධපුර අධ්‍යාපන කලාපයේ සිසුන් 2000කට ආසන්න පිරිසක් සඳහා පසුගිය අඟහරුවාදා (22) දින බෙදා දුන් ශිෂ්‍යත්ව විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍රයක මෙසේ අසභ්‍ය වචන අන්තර්ගතව ඇති බවයි පැවසෙන්නේ.
මෙසේ වීමට හේතුව වන්නේ අදාළ ප්‍රශ්න පත්‍රයේ පැවති බරපතල මුද්‍රණ දෝෂ බවද සඳහන්.
මෙම ප්‍රශ්න පත්‍රය, කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සකස් කර පාසල් වෙත ලබා දීමෙන් අනතුරුව, විදුහල්පතිවරුන් විසින් මුද්‍රණය කොට සිසුන් අතර බෙදා දී තිබෙනවා.
ප්‍රශ්න පත්‍රය කියවීමේදී දරුවන් නොසන්සුන්කාරී වීමත් සමඟ ගුරුවරුන් ඒ පිළිබඳව සොයා බලා ඇති අතර, එහි අන්තර්ගත වූ මුද්‍රණ දෝෂ පිළිබඳව අනාවරණය වී ඇත්තේ එම අවස්ථාවේදී බව සඳහන්.
සිද්ධිය අනාවරණය වූ වහාම ගුරුවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව, කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබෙනවා.
ඒ සමග, වහාම ක්‍රියාත්මක වූ කලාප අධ්‍යාපන කාර්යාලය එම මුද්‍රණ දෝෂ නිවැරදි කර, සංශෝධිත ප්‍රශ්න පත්‍රය නැවත පාසල් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම බරපතල නොසැලකිලිමත්භාවයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් පියවරක් ගෙන ඇතිද හෝ ඉදිරියේ පියවරක් ගනීවිද යන කරුණ සම්බන්ධයෙන් පුවත් මූලාශ්‍ර මෙතෙක් වාර්තා කොට නොමැති අතර, මෙම වරද සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් වගකිව යුතු බවයි අපගේ අදහස.
එම වගකීම ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කළ අයවළුන්, කලාප අධ්‍යාපන බලධාරීන්ගේ සිට පාසල් ගුරු, විදුහල්පතිවරුන් දක්වා සියලු දෙනා මත එකසේ පැටවෙන බව කිව යුතුමයි.
මක්නිසාද යත්, සිසු දරුවන් අතට පත් වන තෙක්ම කිසිදු පුද්ගලයෙන් මෙම මුද්‍රිත ප්‍රශ්න පත්‍රය අවධානයෙන් කියවා බලා නොමැති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන නිසාවෙන්.
එසේම, මුද්‍රණ කාර්යයකදී අනිවාර්යයෙන් සිදුවන සෝදුපත් බැලීමේ පටිපාටිය මෙහිදී සිදුවී නොමැති බව හෝ හරි හැටි සිදුකර නොමැති බව පැහැදිළිවම පෙනෙන්නට තිබෙන කරුණක්.
UPDATE👇👇👇👇
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s