Home උණුසුම් පුවත් රෝහිතගේ බෑනා භාරවෙයි

රෝහිතගේ බෑනා භාරවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මීට සුළු මොහොතකට පෙර මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා සතුව තිබී සොයාගත් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීති විරෝධී ලෙස ලියාපදිංචි කිරීමේ චෝදනාව මතයි ඔහු මෙසේ භාර වී ඇත්තේ.

රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොශෙල් සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මෙහෙයුමක්ද දවස් කිහිපයකට පෙර ආරම්භ කර තිබුණා.ඒ, රෝහිත අබේගුණවර්ධනගේ දියණිය සහ බෑනා සොයා නිවාස දෙකක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version