Home උණුසුම් පුවත් දේශබන්දු දේශපාලනයට? මීළඟ ඡන්දෙන් මැතිසබයට?? පුවතක් සමාජ මාධ්‍ය කළඹයි

දේශබන්දු දේශපාලනයට? මීළඟ ඡන්දෙන් මැතිසබයට?? පුවතක් සමාජ මාධ්‍ය කළඹයි

සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දේශපාලනයට පිවිසීමට සැරසෙන බවට පුවතත් සමාජමාධ්‍යයේ සැරිසරනවා.

ඔහු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටින බවත්, කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා තරග වදිනු ඇති බවත් එම පුවතෙහි සඳහන් වනවා.

සති අන්ත ජාතික පුවත්පතක් මෙම පුවත මුලින්ම වාර්තා කොට ඇති බවටයි සමාජ මාධ්‍ය ජාලයන්හි පළවන්නේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපීමේ යෝජනාව එළඹෙන පස් වැනි දා පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඔහුව ධුරයෙන් ඔහු නෙරපා හැරීමට නියමිතව තිබෙනවා.

මෙවැනි පසුබිමක ආන්දෝලනාත්මක ලෙසින් පැතිර යන මෙම පුවත මාධ්‍ය හරහා ප්ලාන්ට් කර සමාජ මාධ්‍ය තුළින් පතුරුවා හරින ව්‍යාජ පුවතක් වීමටද බොහෝ දුරට ඉඩ ඇති බවයි අපගේ නම් අදහස.

එම නිගමනය බොහෝ දුරට සත්‍යයක් වීමට ඉඩ ඇත්තේ, ජාතික මැතිවරණයක් තවමත් පෙනෙන මානයකවත් නොමැති නිසයි.

එසේම, දේශබන්දු වැනි කුප්‍රකට රාජ්‍ය නිලධාරියෙකුට ජාතික මැතිවරණයකට ඉදිරිපත් වී යටත් පිරිසෙයින් ඇපයවත් බේරා ගැනීමට හැකිවේද යන කරුණත් සිතා බැලිය යුතු වනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version