Home උණුසුම් පුවත් පරාටා අස්සේ සඟවා සැමියාට හෙරොයින් ගෙනා බිරිඳ මාට්ටු

පරාටා අස්සේ සඟවා සැමියාට හෙරොයින් ගෙනා බිරිඳ මාට්ටු

අත්අඩංගුවට පත් වූ සිය සැමියා වෙත ආහාර පාර්සලයක් තුළ සඟවා හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ආ කාන්තාවක් ඊයේ (24) දින පොලිස් අත්අඩංගුවට පත් වූ පුවතක් වාර්තා වනවා.

කල්පිටිය පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සිය සැමියා වෙත අදාල කාන්තාව විසින් රැගෙන ආ පරාටා නමැති ආහාරය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මිලිග්‍රෑම් 2,400ක් බර හෙරොයින් පැකට් හතරක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

කල්පිටිය පොලිසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගැනුනේ ඉන් පසුවයි.

පෙරේදා (23) රාත්‍රියේ කන්දකුලිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම කාන්තාවගේ සැමියා, හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බව සඳහන්.

අත්අඩංගුවට පත් වූ ඔහුව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුගේ බිරිඳට එරෙහිව 2022 අංක 41 දරණ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version