Home උණුසුම් පුවත් දූරියන් ඇටයක් නිසා සිදු වූ මරණය

දූරියන් ඇටයක් නිසා සිදු වූ මරණය

දූරියන් ඇටයක් උගුරේ සිරවීම හේතුවෙන් ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ජී.ඩබ්ලිව්. ආරියදාස වීරසිංහ නැමැති මෙම පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වන්නේ.
තම සැමියා උගුරේ අපහසුවෙන් සිටි අවස්ථාවේ ඔහුගෙන් ඒ ගැන විමසූ විට රඹුටන් ඇටයක් සිරවී ඇති බව තම සැමියා පැවසූ බව මියගිය පුද්ගලයාගේ බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, රත්නපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සිසිර කුමාර දිසානායක මහතා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී, මරණයට සැබෑ හේතුව වී ඇත්තේ දූරියන් ඇටයක් උගුරේ සිරවීම බවට නිගමනය කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version