Home උණුසුම් පුවත් පෙරහැරට හෙරොයින් ගෙනා ඇත්ගොව්වා මාට්ටු

පෙරහැරට හෙරොයින් ගෙනා ඇත්ගොව්වා මාට්ටු

මහනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂක කටයුතු සඳහා සිදුකළ සෝදිසි කිරීම්වලදී, හෙරොයින් සමග ඇත්ගොව්වෙකු අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වනවා.
පෙරහැර ආරම්භ වීමට පෙර සිදුකළ සෝදිසියකදී හෙරොයින් ග්‍රෑම් 100ක් සමග මෙම ඇත්ගොව්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙම අත්අඩංගුවට ගැනීම හේතුවෙන්, අදාළ අලියාට මෙවර පෙරහැරට සහභාගී වීමට නොහැකි වී තිබෙනවා. අත්අඩංගුවට පත් ඇත්ගොව්වා කොළඹ උප නගරයක විහාරස්ථානයක සිට අලියෙකු ද සමග පෙරහැරට සහභාගී වීම සඳහා පැමිණි අයෙකු බව සඳහන් වනවා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසා සිටිනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version