Home උණුසුම් පුවත් රජයේ පාසල් වල නවක සිසුන් අඩුවෙලා! හේතුව බරපතලයි?

රජයේ පාසල් වල නවක සිසුන් අඩුවෙලා! හේතුව බරපතලයි?

ගෙවීගිය වසර පහක කාලයට සාපේක්ෂව මෙරට රජයේ පාසල් පද්ධතිය තුළ පළමු වසරට ඇතුළත් කෙරෙන සිසුන් ප්‍රමාණයේ සංඛ්‍යාත්මක වශයෙන් විශාල අඩුවීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

මෙම කරුණ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනුනු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පෙන්වා දුන්නේ වසර 05කට පෙර 360,000ක් ලෙස පැවති ප්‍රථම වසරට ඇතුළත් කෙරුණු නවක සිසුන් සංඛ්‍යාව මෙම වසර වන විට 298,000ක් දක්වා පහත වැටී ඇති බවයි.

මෙම තත්වය නිවැරදි කිරීමට ගනු ලබන පියවර කවරේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කොට සිටියා.

මෙහිදී නැගී සිටි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න කියා සිටියේ මෙම තත්වයට බලපා ඇති ප්‍රධාන හේතුව මෙරට උපත් අනුපාතය අඩුවීම බවයි.

එසේම, මෙම තත්වය අඛණ්ඩව පවතිනු ඇති බවටත්, ඉදිරි වසර 05ක පුරෝකතනයන්ට අනුව 2030 වන විට රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව 196,209ක් දක්වා තවදුරටත් පහත වැටීමට ඉඩ ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස්ඇප් (WhatsApp) සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version