Home උණුසුම් පුවත් මැතිසබේ මන්ත්‍රීලාගේ ඉන්ෂුවරන්ස් සල්ලිත් කැපෙයි

මැතිසබේ මන්ත්‍රීලාගේ ඉන්ෂුවරන්ස් සල්ලිත් කැපෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවර‍ැන් සඳහා සිදුකෙරෙන සමූහ රක්ෂණාවරණය රුපියල් මිලියනයක සීමාවේ සිට රුපියල් 250,000 දක්වා අඩු කොට තිබෙනවා.

2025 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මේ සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

එක් පාර්ලිමේන්තු වර්ෂයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබුණේ 2023 වසරේ මැයි 15 වන දින දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.

කෙසේ වෙතත් නව තීන්දුවට අනුව මෙම වසරේ ඔක්තෝබර මස 09 වැනිදායින් ඇරඹීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට මෙම ප්‍රතිලාභය රුපියල් 250,000ක් දක්වා සීමා කෙරෙන බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස්ඇප් (WhatsApp) සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version