Home උණුසුම් පුවත් කුඩා දියණියට මරු කැඳවූ වල්අලි පහර දීම

කුඩා දියණියට මරු කැඳවූ වල්අලි පහර දීම

හම්බන්තොට සිනුක්කුගල ප්‍රදේශයේ දී වනඅලියෙකුගේ ප්‍රහාරයට ලක්ව කුඩා දියණියක් ඉතා අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් වාර්තා වනවා.
2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 07ක දියණියක් මෙම වන අලි ප්‍රහාරයට ලක්වමිය ගිය බවයි සඳහන් වන්නේ.
ඇයගේ පියාද වනඅලියාගේ පහර කෑම හේතුවෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
පාසල් නිවාඩු දිනයක් බැවින් මෙම දියණිය,තම පියා සමඟ අද (03) උදැසන 6.00ට පමණ හේනට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී සිය පියා සමඟ වගා කටයුතුවල නියැලෙමින් සිටින අතරතුර හේනට පැමිණි වන අලියෙකු විසින් දෙදෙනාටම පහර දී තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version