Home උණුසුම් පුවත් ගම්පහ – කොළඹ ඇතුළු මාර්ග 6ක බස් රථ වර්ජනයක්

ගම්පහ – කොළඹ ඇතුළු මාර්ග 6ක බස් රථ වර්ජනයක්

ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා පෞද්ගලික බස් ධාවනය නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

අද (04) උදෑසන සිට ගම්පහ – කොළඹ ඇතුලු ගමනාන්ත 06 පමණ මෙම වර්ජනය ක්‍රියාත්මක වන බව ගම්පහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සි.වී.ගුණවර්ධන කියා සිටියා.

මීට පෙර බස් රථ නතර කරනු ලැබූ රවුම් කඩේ නමැති ස්ථානයේ අද උදෑසන සිට බස් රථ නතර කිරිමට ඉඩ ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ද සභාපතිවරයා සඳහන් කළා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version