Home උණුසුම් පුවත් හල්ලොලුව අත්අඩංගුවට ගන්න වරෙන්තු

හල්ලොලුව අත්අඩංගුවට ගන්න වරෙන්තු

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (18)ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
තුසිත හල්ලොලුවගේ වාහනයට මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
එම විමර්ශනය සම්බන්ධයෙන් පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව සඳහන්.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version