Home උණුසුම් පුවත් වැලි ජාවාරමාගෙන් අල්ලස්ගත් පොලිස් ලොක්කාට ඇප නෑ

වැලි ජාවාරමාගෙන් අල්ලස්ගත් පොලිස් ලොක්කාට ඇප නෑ

වැලි ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් හතළිස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකාර පොලිස් නිලධාරියා එළඹෙන අගෝස්තු මස 25 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවන ලෙසයි.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් එය විශේෂ කරුණක් සේ සලකා සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියා.
මෙම සිදුවීමට අදාළ විමර්ශන තවමත් ක්‍රියාත්මක වන බැවින් සැකකරුට ඇප ලබා දීම සුදුසු නොවන බව පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් එම ඇප ඉල්ලීමට දැඩි ලෙස විරෝධය පළ කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 25 වන දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කලා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version