Home උණුසුම් පුවත් ලෙඩා රෝහලට දමා එන අතරේ කාන්තා ඇටෙන්ඩන්ට හදි කරලා – එම්බියුලන්ස් රියදුරුගේ...

ලෙඩා රෝහලට දමා එන අතරේ කාන්තා ඇටෙන්ඩන්ට හදි කරලා – එම්බියුලන්ස් රියදුරුගේ නොමනා ක්‍රියාව

මහනුවර දිස්ත්‍රික්කයේ රෝහලක සේවයේ නියුතු ගිලන් රථ රියැදුරෙකු විසින් එම රෝහලේම සෞඛ්‍ය කාර්ය සහායිකාවකට ලිංගික අතවරයක් සිදු කළ බවට පුපුරැස්ස පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වෙනවා.

අදාළ සෞඛ්‍ය කාර්ය සහායිකාව, ප්‍රාදේශීය රෝහලේ සිට ගම්පොළ රෝහල වෙත මාරු කර යවන ලද තරුණියක් සමග ගිලන් රථයෙන් ගොස් තිබෙනවා.

රෝගී තරුණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදී ගිලන් රථ රියැදුරු විසින් පාළු ස්ථානයකදී ඇයට මෙම අතවරය සිදු කර ඇති බවයි මූලික පරීක්ෂණ මගින් හෙළිදරව් වී තිබෙන්නේ.

ගිලන් රථ රියැදුරු විසින් ඇයට එල්ල කරන ලද තර්ජන හේතුවෙන් අදාළ සෞඛ්‍ය කාර්ය සහායිකාව විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බව සඳහන්.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය සේනක තලගල මහතා තහවුරු කලා.

මේ අතර, පසුව අදාළ සෞඛ්‍ය කාර්ය සහායිකාව විසින් ඊයේ (අගෝ. 14) දින පුපුරැස්ස පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පසුව එම පැමිණිල්ලට අනුව පුපුරැස්ස පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අතවරයට ලක් වූ බව කියන කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ගම්පොළ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version