Home උණුසුම් පුවත් ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 57 වන වියේ පසු වූ ඔහු අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව වාර්තා වනවා.

ලොහාන් රත්වත්තේ මහතා නාරාහේන්පිට කිංග්ස් පුද්ගලික රෝහලේදී අභවප්‍රාප්ත වූ පසුව එම ආරංචිය සමග රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුම විගස රෝහලට පැමිණ ඒ ගැන සොයා බලා තිබු බවද සඳහන්.

ලොහාන් රත්වත්තේ යනු හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයායි.

2009 වසරේදී මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ ලොහාන් රත්වත්තේ, 2010 වසරේදී පර්ලිමේන්තුවට තේරී පත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසින්.

ලොහාන් රත්වත්තේ සම්බන්ධ ආසන්නතම ආන්දෝලනය වූයේ නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීම පිළිබඳවයි.
එම චෝදනා මත මිරිහාන පොලිසිය විසින් කටුගස්තොට ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version