Home උණුසුම් පුවත් ගැටලාව වැවෙන් තවත් උණ්ඩ තොගයක්

ගැටලාව වැවෙන් තවත් උණ්ඩ තොගයක්

ගැටලාව වැවේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් ටී 56 ගිනි අවි සදහා යොදාගන්නා මැගසින් 11ක්, ටී 56 ජීව උණ්ඩ 1965ක්, ආධාරක අවි උණ්ඩ 115ක් සහ ඔයිල් කෑන් 05ක් සොයාගෙන තිබෙන බව වාර්තා වනවා.

වැවෙහි එක් ස්ථානයක ජලයේ තිබී ටී 56 වර්ගයේ ජීව පතොරම් 5038ක් පසුගිය 13 වැනිදා සොයා ගැනීමත් සමඟ අද මෙම විශේෂ පරීක්ෂාව සිදුකෙරුණා.

වැවෙහි තිබී හමු වූ උණ්ඩ මුලින්ම දැක තිබුණේ ගැටලාව වැව වෙත දර කැඩීම සඳහා පැමිණි පුද්ගලයෙකු විසින්.

ඔහු දර කැඩීම සඳහා වැවට බැස ඇති අතර එම අවස්ථාවේදී වැවේ තිබූ උණ්ඩ දැක ඇති බව සඳහන්

මේ පිළිබඳව එම පුද්ගලයා විසින් 118 හදිසි ඇමතුම් අංකය හරහා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කර ඇති අතර එහිදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී මෙම උණ්ඩ තොගය සොයා සොයා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් එම ස්ථානයෙන් සොයාගත් උණ්ඩ තොගය පොලිස් භාරයට ගෙන ඇති අතර මේ සම්බන්ධව ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version