Home උණුසුම් පුවත් දුන්හිද වංගුවේදී බිහිසුණු අනතුරක්

දුන්හිද වංගුවේදී බිහිසුණු අනතුරක්

බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී අද (15) උදෑසන 7.15ට පමණ බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ හාලිඇල, උඩුවර ප්‍රදේශයේ සිට නුවර බලා වන්දනා ගමනක නිරතවූවන් රැගත් පෞද්ගලික බස් රථයක්, මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන්.

බස් රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් රියදුරුට බසය පාලනය කරගත නොහැකිව නවතා තිබූ ලොරියේ ගැටී ඇති බවයි සඳහන් වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 30ක පමණ පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර, එයින් 7 දෙනෙකුට පමණ තුවාල සිදුව ඇති බව පොලිසිය පවසා සිටිනවා.

රෝහල්ගත කළ තුවාලකරුවන් අතරින් කිහිප දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version