Home උණුසුම් පුවත් නෝනා වාට්ටුවේ දොස්තරගේ මාලේ නින්දෙන් නැගිටිද්දී උස්සලා

නෝනා වාට්ටුවේ දොස්තරගේ මාලේ නින්දෙන් නැගිටිද්දී උස්සලා

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුට අයත් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රන් මාලයක් සහ පෙන්ඩනයක් රෝහලේ වෛද්‍ය විවේකාගාරයේ තිබියදී සොරකම් කර ඇතැයි වාර්තා වනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයා රෝහලේ 9ඒ වාට්ටුව භාරව සේවය කරන 30 හැවිරිදි රාජගිරියේ පදිංචි අයෙකු බව සඳහන්.

එදින සිය රාජකාරි දිනය නිම විමෙන් අනතුරුව පහළ මාලයේ පිහිටි වෛද්‍ය විවේකාගාරය වෙත ගොස් එහිදී ඔහු සිය ගෙල පැළඳි රන් මාලය ගලවා තමාගේ බෑගයේ ඉදිරිපස සාක්කුවේ දමා වසා තිබෙනවා.

පසුව නාන කාමරයට ගොස් නැවත වාට්ටුවට ගිය ඔහු රෝගීන් පරීක්ෂා කර පැමිණ විවේකාගාරයේ නින්දට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් වෛද්‍යවරයා, පසුදින රාජකාරි සඳහා පිටත්ව යාමට සූදානම් වීමේදී රන් මාලය පැළඳීමට බැලූ අවස්ථාවේ දී එය බෑගය තුළ නොතිබූ බවයි සඳහන් වන්නේ.

පසුව ම මාලය නැති වීම පිළිබඳව වෛද්‍යවරයා විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු විසින් කරන ලද පැමිණිල්ලට අනුව බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version