Home උණුසුම් පුවත් රනිල් මූලික අයිතිවාසිකම් කඩලා! අධිකරණයෙන් තීන්දුවක්

රනිල් මූලික අයිතිවාසිකම් කඩලා! අධිකරණයෙන් තීන්දුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

මෙම තීන්දුව ලබා දී ඇත්තේ 2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා ඔහු විසින් මහජන ආරක්ෂක පනත යටතේ රට පුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි සම්බන්ධවයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

එවක වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරමින් රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ නිකුත් කරනු ලැබු හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික ඒවා බවත් එම නීති රෙගුලාසි මෙන්ම බල ශූන්‍ය බවත් මෙම තීන්දුව මගින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැනුණු අතර විනිසුරුවරු දෙදෙනෙක්, හිටපු ජනපතිවරයා විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති බවට තීන්දු කළා.

මේ අනුව මෙම නඩුවේ පෙත්සම්කරුවන්ට අදාල නඩු ගාස්තු ගෙවන ලෙසටත් රජයට නියෝග කොට තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version