
තමාගේ අපේක්ෂිත ඇපයක් අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය සංශෝධනය කරන ලෙස ඉල්ලා හිටපු ඇමති රාජිත සේනාරත්න විසින් පෙත්සමක් ගොනු කොට තිබෙනවා.
මෙම පෙත්සම අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ ඉදිරියේ කැඳවන ලද අතර, එය එළඹෙන ජූලි 30 වන දින සලකා බැලීමටයි කොළඹ මහාධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ.
හිටපු ඇමතිවරයා විසින් සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අදාළ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ පිටපතක් මහාධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට තමාට නොහැකි බව මහාධිකරණ විනිසුරුවරිය කියා සිටියා.
ඒ අනුව, පෙත්සමට අදාළ කරුණු ඉදිරිපත් කිරීමට පෙර අදාළ නියෝගය ඉදිරිපත් කරන ලෙසටයි විනිසුරුවරිය උපදෙස් ලබා දුන්නේ.
පෙත්සම තවදුරටත් සලකා බැලීම ජූලි 30 වැනි දින දක්වා කල්තබන ලද්දේ ඉන්පසුව බවයි වාර්තා වන්නේ.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s