
රජයේ වනාන්තර 16ක් ආරක්ෂිත රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කොට තිබෙනවා.
මේ බව ප්‍රකාශයට පත් කෙරුණේ, ගම්පහ, බජ්ජන්ගොඩ රක්ෂිතයේ එළිමහන් රංග පීඨයේ ඊයේ (15) පැවති විශේෂ උත්සවයකදීයි.

ජාතික “වනස්පති” වන සංරක්ෂණ වැඩසටහන යටතේයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.
මෙම වැඩසටහන රජයේ ජාතික පාරිසරික ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මකවන ප්‍රධාන වැඩපිළිවෙලක් වන අතර මෙය ක්‍රියාත්මක වන්නේ පැරිස් ගිවිසුම යටතේ බවයි සඳහන් වන්නේ.
මෙම වැඩසටහනේ කොටසක් ලෙස අක්කරේපත්තුවේ, කුඩාපල, කදොනාල වනාන්තරය, අම්පාර ජරංගාව රජයේ වනාන්තරය, මහඔයේ බදුලුගොඩ වනාන්තරය, ලාහුගල පානම උතුර වනාන්තරය සහ මහනුවර දිස්ත්‍රික්කයේ රිලාගල හා රජගල වනාන්තර ඇතුළු වනාන්තර ප්‍රදේශ කිහිපයක් අලුතින් රක්ෂිත ලෙස නම් කොට තිබෙනවා.
එමෙන්ම, රජයට අයත් වනාන්තර ඉඩම් හෙක්ටයාර 5,711.75ක් නව ගැසට්ටුව හරහා සංරක්ෂණ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කොට ඇති බවයි වාර්තා වන්නේ.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s