Home උණුසුම් පුවත් “විජේවීර ඝාතකයින්ට යුක්තිය ඉටු කරනු!” අනුරට අභියෝගයක්

“විජේවීර ඝාතකයින්ට යුක්තිය ඉටු කරනු!” අනුරට අභියෝගයක්

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දෙන ලෙසට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා නැවතත් රජයට අභියෝග කොට සිටිනවා.

ඔහු මෙම අභියෝගය එල්ල කළේ විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය විසින් ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව පවරා තිබූ නඩුවකට මුහුණ දීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.

මීට මාස කිහිපයකට ඉහතදී විශ‍්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය විසින් ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව මෙම නඩුව පවරනු ලැබුවේ, තමා හමුදා සේවයේ නියුතුව සිටිය දී රෝහණ විජේවීර ඝාතනය කිරීමට සම්බන්ධ බවට චෝදනා කරමින් ඉන්ද්‍රානන්ද ද සිල්වා කළ ප්‍රකාශවලට එරෙහි වෙමින් සහ තමාගේ නම භාවිතා කිරීමට එරෙහිව වාරණයක් ඉල්ලා සිටිමිනි.

කෙසේ වෙතත් නඩුව ඉවත දැමූ අධිකරණය වාරණ ඉල්ලුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

පක්ෂයේ සාමාජිකත්වය රහසිගතව තබා ගනිමින් සක්‍රිය හමුදා සේවය සිටි බව පැවසෙන ඉන්ද්‍රානන්ද ද සිල්වා විසින් රෝහණ විජේවීරගේ මරණය සම්බන්ධයෙන් හෙළි කොට තිබෙන කරුණු ආන්දෝලනාත්මකයි.

විජේවීර අත් අඩංගුවට පත් වූ පසු අවසන් වරට ඔහුව ඡායාරූපයට නැගූ පුද්ගලයා සහ ඔහුගේ අවසන් මොහොත සමීපව නිරීක්ෂණය කළ අයෙකු ලෙස ඉන්ද්‍රානන්ද ද සිල්වා සැලකෙනවා.

එසේම ඔහු විසින් හෙළි කොට තිබෙන විජේවීර ඝාතනයේ තොරතුරු සමග එවක සිටි උසස් හමුදා නිලධාරීන් රැසකගේ සහ දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේද නම් ඈඳී තිබෙනවා.

කෙසේ වෙතත්, හිටපු මේජර් ජනරාල් තෝරදෙණිය විසින් ඉන්ද්‍රානන්දට එරෙහිව මෙම නඩුව පනවනු ලැබූයේ ඉන්ද්‍රානන්ද විසින් එල්ල කරන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බැවින්.

එහෙත්, ඉන්ද්‍රානන්ද ද සිල්වා තවමත් කියා සිටින්නේ තමා හෙළිදරව් කළ තොරතුරු 100%ක්ම සත්‍ය බවයි.

මෙවැනි පසුබිමක, අද නඩුව අවසන් වී පිටතට පැමිණි පසු ඔහු මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් රජයට අභියෝග කර සිටියා.

ඔහු කියා සිටින්නේ තමන්ගේ පක්ෂයේ අතීත නායකයා අමු අමුවේ පණපිටින් පුළුස්සා මරා දැමූ මිනීමරුවන්ට නිසි නීතිමය ප්‍රතිපාදන අනුව උපරිම දඬුවම් ලබාදීමට, වර්තමාන ජනපතිවරයා සතුව වගකීමක් තිබෙන බවයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version