
ඊයේ (15) දිනයේ දැඩි ඇප කොන්දේසි මත නිදහස් කෙරුණු ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්නට නැවත දැනුම්දෙන තුරු රෝහලට ඇතුළු වීම පවා තහනම් කොට තිබෙනවා.
එසේම ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙන අතර, ඇගේ විදෙස් ගමන් බලපත්‍රයද අධිකරණය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සැකකාර වෛද්‍යවරිය විසින් රෝගීන්ට ශල්‍ය වෛද්‍ය උපකරණ විකිණීම සඳහා පවත්වාගෙන ගිය ආයතන දෙකක් පිළිබඳ මේ වන විට තොරතුරු හෙළිව තිබෙනවා.
ඉන් එක ආයතනයක් ඇගේ අනුදැනුම සහ උපදේශනය මත, වෙනත් අයෙකු විසින් ආරම්භ කොට පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ අනාවරණය වූ තොරතුරුද ඊයේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසි අධිකරණය ඉදිරියේ හෙළිදරව් කරනු ලැබුවා.
වෛද්‍යවරියට ඇප නියමු කරනු ලැබුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ බවද සඳහන්.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s