Home උණුසුම් පුවත් දැන් පොලිසියෙන් සැමට “පොලිස් ෆේෂල්” – මෙන්න පොලිසියේ අලුත්ම වැඩේ

දැන් පොලිසියෙන් සැමට “පොලිස් ෆේෂල්” – මෙන්න පොලිසියේ අලුත්ම වැඩේ

පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කොට තිබෙනවා.

“රූ සිරි” නමින් හැඳින්වෙන මෙම රූපලාවන්‍යාගාරය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන ලද්දක්.

ඊයේ (15) දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රූපලාවන්‍යාගාරය විවෘත කෙරුණා.

මෙතෙක් කාලයක් සහනදායි මුදලකට මෙහිදී සේවාව ලබාගැනීම සඳහා අවස්ථාව හිමිවුණේ පොලිස් නිලධාරිනියන්ට පමණයි.

එහෙත්, මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන්ට, පොලිස් පවුල්වල සාමාජිකයින්ට හා ඒ වෙත පැමිණෙන බාහිර පුද්ගලයන්ටද සියලුම රූපලාවන්‍ය කටයුතු මෙම ස්ථානයෙන් සහනදායි මිලකට සිදුකර ගත හැකි බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version