
මෑතක සිට වන අලින් ඉලක්ක කරගෙන සිදුකරන වෙඩි තැබීම් බිහිසුණු ලෙස ඉහළ යමින් පවතින බවට පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳිගේ පවසනවා.
මෙම වෙඩි තැබීම් සංවිධානාත්මකව සිදුකරන වනජීවී අපරාධයන් දැයි සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවට අමාත්‍යවරයා කියා සිටියා.
ඔහු මෙම අදහස් පළ කොට සිටියේ අද (16) දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.
රටේ ආරක්ෂිත වනජීවීන්ට සංවිධානාත්මකව ප්‍රහාර එල්ල වීමක් සම්බන්ධයෙන් බියක් පවතින බවත්, මෙම අපරාධයන්හි පැහැදිලි මූලයන් සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බවටත් ඔහු මෙහිදී කියා සිටියා.
ඉකුත් කාලයේ එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ අලි ඇතුන් වෙනුවෙන් පශු වෛද්‍ය කණ්ඩායම් දැනටමත් ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත්, වනජීවී නිලධාරීන් එම සතුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව නිරතුරුව අවධානයෙන් පසුවන බවත් ඇමතිවරයා අවධාරණය කොට සිටියා.
ආරක්ෂිත කලාප තුළ නීති විරෝධී අයුරින් සතුන් දඩයම් කිරීම සහ වනජීවී අපරාධ සිදු කිරීමට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නැයි තමා විසින් වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s