Home උණුසුම් පුවත් සතා වතුරේ ඔබලා තිබුණ විදිහට දියවුණේ නැති එකයි පුදුමේ! භාතියගේ අවාසනාවන්ත ඉරණම...

සතා වතුරේ ඔබලා තිබුණ විදිහට දියවුණේ නැති එකයි පුදුමේ! භාතියගේ අවාසනාවන්ත ඉරණම ගැන පරිසර විද්‍යාඥවරියක් කියන කතාව

අවාසනාවන්ත අයුරින් අද උදෑසන වාර්තා වූ භාතිය හස්තිරාජයාගේ මරණය පිළිබඳ පුවත සැලවූ අතරවාරයේදීයි මේ වීඩියෝව අප වෙත ලැබුණේ.


මෙම වීඩියෝවේ අදහස් දක්වන්නේ පරිසර විද්‍යාඥවරියක්, සිවිල් ක්‍රියාකාරිනියක් මෙන්ම ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය.

වන සතුන්ට සිදුවන හානි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇය ඊයේ නීතිපතිවරයා හමුවට ගියා.

වන සතුන්, විශේෂයෙන්ම අලි ඇතුන්ට සිදුවන ජීවිත හානි වළක්වා ගනිමින් වන සතුන් කෙරෙහි සුභසාධනය වඩාත් විධිමත් කරගන්නේ කෙසේද යන කරුණු පිළිබඳව ඇය මෙහිදී නීතිපතිවරයා සමඟ සාකච්ඡා කොට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇය විසින් නීතිපතිවරයා හමුවෙන් පසු මාධ්‍යයට අදහස් පළ කළ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

භාතිය හස්තිරාජයාගේ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ මෙන්ම භාතියට මෙවැනි අවාසනාවන්ත ඉරණමක් අත්වීමට පරිපාලනයේ වැරදි හේතු වූයේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳවත් ඇය මෙහිදී දැඩි විවේචනයක් ඉදිරිපත් කළා.

ඇයගේ කරුණු දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.

සතා වතුරේ ඔබලා තිබුණ විදිහට දියවුණේ නැති එකයි පුදුමේ! NewstabLK

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version