
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ අද (14) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ නීතිවිරෝධීව එකලස් කරන ලද වාහනයේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
පැය 3ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඔහු ඉන් පිටව ගොස් තිබුණා.
හතරවන වරටත් තමාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුජිව සේනසිංහ කියා සිටි අතර වත්මන් ආණ්ඩුව දේශපාලනයේ නියැලෙන්නන්ව දඩයම් කරන තත්ත්වයකට පත්ව ඇති බවද කියා සිටියා.සුජීව සේනසිංහ වැඩිදුරටත් සඳහන් කළේමෙවැනි කටයුතුවලින් දේශපාලනඥයින්ට දේශපාලනය එපා කරවීමට උත්සාහ ගන්නා බවත් තමා ඕනෑම දෙයකට නිර්භීතව මුහුණදෙන බවත්ය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ :
“මගේ මේ 4 වෙනි ප්‍රකාශය. ප්‍රකාශ දෙන්නේ නෑ කියලා ගහනවා පත්තරවල. බොරුවක් කරන්නේ. රට දියුණු කරනවා නම් හොඳයි. අපි පස්සේ පන්නලා සංවර්ධනය වෙන්නේ නෑ. මම දන්නේ නෑ කොහෙන් ඉවරවෙයිද කියලා. සන්තෝෂයෙන් මුහුණදෙනවා. ගොඩක් අයට දේශපාලනය එපා වෙලා… මේ රටේ හොඳ මිනිස්සු නැති වෙන තරමටම මැරයන්ට දේශපාලනය වෘත්තීයක් විදියට කරන තත්ත්වයකට තමා කරගෙන යන්නේ.”