Home උණුසුම් පුවත් හයේෂිකාට මඩ ගහලා? සුදාට, රාජාංගනේ හිමිට නඩු!

හයේෂිකාට මඩ ගහලා? සුදාට, රාජාංගනේ හිමිට නඩු!

ඔන්ලයින් ක්‍රමයට ප්‍රාථමික පාසල් දරුවන්ට උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දුට අපහාසාත්මක වන අසත්‍ය කරුණු අන්තර්ජාලය ඔස්සේ පළ කිරීම වළක්වමින් අන්තර්ජාල ක්‍රියාකාරීන් තිදෙනෙකුට එරෙහිව අද (14) දින වාරණ නියෝග නිකුත් කෙරුණා.

මෙසේ කොන්දේසි සහිත වාරණා ආඥා තුනක් නිකුත් කෙරුණේ චමින්ද රණවීර හෙවත් සම්පත්, සුදත්ත තිලක්සිරි සහ රජාංගනයේ සද්ධාරත්න හිමි යන තිදෙනාට එරෙහිවයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් මෙම නියෝග නිකුත් කරන ලද්දේ හයේෂිකා ගුරුවරිය විසින් 2024 අංක 09 දරණ “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වගන්තිය” ප්‍රකාරව පැවරූ පැමිණිලි තුනක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ වගඋත්තරකරුවන් විසින් පැමිණිලිකාරිය සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත කරුණු අන්තර්ජාලයේ පළ කරමින් සිටින බවයි.

එවැනි ප්‍රචාර තවදුරටත් පතුරුවා හැරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක් වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසත්, ඔවුන්ට නොතීසි නිකුත් කරන ලෙසත් පැමිණිල්ල විසින් ඉල්ලා සිටියා.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් වගඋත්තරකරුවන්ට කොන්දේසි සහිත වාරණ ආඥා නිකුත් කරන ලද අතර, එළඹෙන 28 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසිද නිකුත් කළා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version