Home උණුසුම් පුවත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක වීදුරුවක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇති අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර ප්‍රහාර හේතුවෙන් නිවසක ඇති වූ දෙදරීම් සැලකිල්ලට ගනිමින් ටෙල්අවීව් නගරයට දකුණු දෙසින් වු ප්‍රදේශයක සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් ද එහි නිවැසියන් සමග ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වී ඇති බව තානාපතිවරයා පැවසීය.

එමෙන්ම, බලපෑමට ලක් වූ හෝ අනතුරේ සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට වහාම තානාපති කාර්යාලය අමතනන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී සිටී.

Exit mobile version