ජූලි මස පළවෙනිදා සිදුවන මීළඟ බස් ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව ඇතුළු අනෙකුත් බස් ගාස්තු ඉහල දැමීම සිදු කළ යුතු බව බස් හිමියෝ පවසා සිටී.
සේවක වැටුප් වැඩිවීම, ලිහිසි තෙල් මිල ඉහල යාම, බස් රථ අමතර කොටස් මිල අධික ලෙස ඉහළ යාම ආදී හේතු නිසා මෙසේ බස් ගාස්තු ඉහළ දැමිය යුතු බව ඔවුන් කියා සිටී.
විදුලි ගාස්තු ඉහළ යාමෙන් බස් රථ අලුත් වැඩියා කිරීමේ ගාස්තු පවා ඉදිරියේදී ඉහල යනු ඇති බවත් පවසන බස් හිමියන් රුපියල් මිලියන 13 කට පමණ තිබූ බස් රථයක මිල මේ වන විට රුපියල් මිලියන 18 ක් ඉක්මවා ඇති බවද,ඩීසල් මිල යම් සාමාන්‍ය මට්ටමක පැවතුනද අනෙක් සෙසු සියලු වියදම් ඉහළ ගොස් ඇති බවද බස් හිමියෝ කියා සිටිති.
මේ සම්බන්ධයෙන් යෝජනාව හෙට දිනයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට භාරදීමට කටයුතු කරන බවද ඔවුන් පවසා සිටී.